ඉතියෝපියාවේ අගනගරය වන අඩ්ඩීස් අබාබා නුවරට ආසන්නයෙන් හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටී පුද්ගලයන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඩයර් ඩාවා නගරයේ සිට නැගෙනහිර ඉතියෝපියාව වෙත ගමන් කරමින් තිබූ හෙලිකොප්ටර් යානය මෙසේ අනතුරට ලක්ව ඇති බව එරට ආරක්ෂක අංශ පවසයි.
මියගිය පිරිස අතර හමුදා සාමාජිකයන් 15 දෙනෙකු සහ සිවිල් වැසියන් තිදෙනෙකු සිටින බවද සඳහන් වෙයි.
මෙම අනතුරට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුවන බවත් කියයි.
මේ අතර, යානය අනතුරට ලක්වූ ප්රදේශයේද සෝදිසි මෙහෙයුම් අරඹා ඇති බව ඉතියෝපියානු ආරක්ෂක අංශ පවසා සිටියි.