ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර ආගමික නායකයන් පිරිසක් රැස්වූ ස්ථානයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයකින් පුද්ගලයන් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම ප්රහාරයෙන් තවත් පුද්ගලයන් 83 දෙනෙකු තුවාල ලබා ඇති අතර, උරුනාස් හි ශාලාවක ආගමික නායකයන් එක්රැස්ව මුහම්මද් තුමාගේ උපන්දිනය සමරන අවස්ථාවේදී මෙම ප්රහාරය එල්ල වී ඇත.
මෙම ආසන්න මාස කිහිපය තුළ කාබුල් නගරයේ එල්ල වූ වඩාත් දරුණුතම මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරය මෙය බව සඳහන් වෙයි.
කෙසේ වෙතත්, මෙම ප්රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු විසින්වත් භාරගෙන නොමැති අතර, IS ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් හෝ තලේබාන් සංවිධානය මෙම ප්රහාරය පසුපස සිටින්නට ඇති බව විශ්වාස කෙරෙයි.
නමුත්, තලේබාන් සංවිධානය විසින් මේ වනවිටත් තමන් මෙවැනි ප්රහාරයක් එල්ල නොකළ බවත්, ප්රහාර සම්බන්ධයෙන් ශෝක වන බවත් සඳහන් කර ඇත.
මෙම ප්රහාරය එල්ල වන අවස්ථාවේදී පුද්ගලයන් 1,000කට වැඩි පිරිසක් එම ගොඩනැගිල්ල තුළ එක්රැස්ව සිටි බව සඳහන් වෙයි.