කාබුල් නගරය ආසන්නයේ වූ හමුදා බුද්ධි අංශ කඳවුරක් වෙත ප්රහාරයක් එල්ල කළ තලේබාන් ත්රස්තවාදීන් එහි සිට හමුදා සාමාජිකයන් විශාල පිරිසක් ඝාතනය කර තිබේ.
ඇෆ්ගනිස්ථාන බලධාරීන් පවසන පරිදි මෙම ප්රහාරයෙන් හමුදා සාමාජිකයන් 43 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 54 දෙනෙකු තුවාල ලබා තිබේ.
ත්රස්තවාදීන් මෙම ප්රහාරය දියත් කිරීමට පෙර කාර් බෝම්බයක් යොදා ගනිමින් මෙම කඳවුරේ විශාල පිපිරීමක්ද සිදුකර ඇති අතර, නිල නොලත් වාර්තාවන්ට අනුව මියගිය පිරිස 100 ඉක්මවන බවද කියයි.
මෙය තලේබාන් ත්රස්තයන් විසින් එරට බුද්ධි අංශ සහ හමුදා සාමාජිකයන් ඉලක්ක කර එල්ල කළ දරුණුතම ප්රහාරයක් ලෙස සැලකෙයි.
මෙයිඩන් ෂහාර් ලෙස සැලකෙන මෙම හමුදා කඳවුර කාබුල් නගරයට කිලෝමීටර් 30ක් පමණ නිරිතදිගින් පිහිටා තිබේ.