උතුරුදිග ඇෆ්ගනිස්තානයේ පුල්-ඒ-කුර්මි නගරයේ පිහිටි පොලිස් මූලස්ථානය වෙත තලේබාන් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
මරාගෙන මැරෙන ප්‍රහාරකයෙක් විසින් මුලින්ම බෝම්බයක් පුපුරුවා ගනිමින් ප්‍රහාරය ආරම්භ කර ඇති අතර, පසුව තවත් තලේබාන් ත්රස්තයන් පිරිසක් විවෘත වෙඩි තැබීමක් සිදුකරමින් පොලිස් මූලස්ථානයට පහරදී ඇත.
රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 40කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව, තවත් සැලකිය යුතු පිරිසක් තුවාල ලබා ඇති බවයි.
තලේබාන් සංවිධානය මෑතක සිට රජයේ හමුදා ඉලක්ක කරමින් වරින් වර ප්‍රහාර දියත් කරන අතර, 2001 වසරේ තලේබාන් පාලනය මුලිනුපුටා දැමීමේ සිට මේ දක්වා ඔවුන්ට තවමත් රට තුළ සැලකිය යුතු බලයක් අත්පත් කරගැනීමට හැකියාව ලැබී නැත.