ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පාසලක් පිටතදී සෙනසුරාදා එල්ල වූ බෝම්බ ප්රහාරයන්ගෙන් මියගිය සංඛ්‍යාව 85ක් දක්වා ඉහළ ගොස් තිබේ.
සයීඩ් අල්-ෂුහාඩා පාසල ඉදිරිපිට කාර් බෝම්බයක් පුපුරා ගොස් ඇති අතර සිසුන් භීතියෙන් එළියට එනවිට තවත් බෝම්බ දෙකක් පුපුරා ගොස් ඇත.
ඝාතනයට ලක්වූවන්ගෙන් වැඩි දෙනෙක් පාසල් සිසුවියන් බව බලධාරීහු පැවසූහ. සමහර පවුල් තවමත් තම දරුවන් රෝහල් තුළ සොයමින් සිටින බව කියයි.
ජනාධිපති අෂ්රෆ් ඝානි සෙනසුරාදා තලේබාන් කැරලිකරුවන්ට දොස් පැවරූ නමුත් කණ්ඩායමේ ප්‍රකාශකයෙකු ඔවුන් මෙම ප්‍රහාරයට සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කළ අතර ඇෆ්ගනිස්ථාන සිවිල් වැසියන්ට පහරදීම හෙළා දුටුවේය.
සති ගනනාවක් පුරා පැවති ප්රචණ්ඩ ක්‍රියා හේතුවෙන් තලෙයිබාන් කැරලිකරුවන් මේ සතියේ මුස්ලිම් ආගමික නිවාඩු දිනය සඳහා දින තුනක සටන් විරාමයක්ද ප්‍රකාශයට පත් කළහ.
සාම ක්‍රියාවලියට නායකත්වය දෙන ඇෆ්ගනිස්ථානයේ ජාතික සංහිඳියාව සඳහා වූ මහා මණ්ඩලයේ සභාපති අබ්දුල්ලා අබ්දුල්ලාගේ ප්‍රකාශකයෙකු වන ෆ්රීඩූන් ක්වාසූන් කියා සිටියේ තලේබාන් සටන් විරාම නිවේදනය මෙම කණ්ඩායම පිළිගන්නා බවයි.