එලැඹෙන ජූලි මාසයට පෙර කොවිඩ්-19 එන්නත් මාත්‍රා මිලියන 90ක් ලබාදෙන ලෙසට බල කරමින්, බ්‍රිතාන්‍ය-ස්වීඩනය කේන්ද්‍ර කරගත් ඖෂධ සමාගම් සමූහයක් වන ඇස්ට්රාසෙනෙකාට එරෙහිව නඩු පැවරීමට යුරෝපා සංගමය කටයුතු කර තිබේ.
"පළමු කාර්තුවේදී දැනටමත් ලබා දී ඇති මාත්‍රා මිලියන 30ට අමතරව අතිරේක මාත්‍රාවන් මිලියන 90ක් ලබාදෙන ලෙස සමාගමට නියෝග කිරීමට අපට අවශ්‍යයි" යනුවෙන් යුරෝපා සංගමය කියා සිටියේය.