එක්සත් ජනපදයේ උටාහ් ප්‍රාන්තයේදී සිදුවූ සංචාරක බස් අනතුරකින් අවම වශයෙන් පුද්ගලයන් 4දෙනෙකු මිය ගොස් තවත් 5 දෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ.
චීන සංචාරකයින් රැගත් බස් රථය බ්‍රයිස් කැනියොන් ජාතික වනෝද්‍යානය අසලදී මාර්ගයෙන් ඉවතට පැන ආරක්ෂක රේල් පීල්ලක ගැටී ඇත.
රථයේ එම අවස්ථාවේදී පුද්ගලයන් 31 දෙනෙකු ගමන් කර ඇති අතර, සෙසු පිරිසද සුළු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, මෙම අනතුරට හේතුව බලධාරීන් විසින් විමර්ශනය කරමින් සිටියි.
ගිලන් රථ සහ හෙලිකොප්ටර් තුනක් යොදා ගනිමින් තුවාලකරුවන් කඩිනමින් රෝහල්ගත කිරීමට කටයුතු කර ඇති අතර, පසුව වසා දමා තිබූ මාර්ගය යළි විවෘත කර තිබේ.
තුවාල ලැබූවන්ගෙන් පස් දෙනෙකුගේ තත්ත්වය බරපතල බව පැවසෙන අතර, සියලුම මගීන් චීන ජාතිකයන් වන අතර, තුවාල ලැබූ රියදුරු චීන ඇමරිකානුවෙකි.
මේ අතර, භාෂා පරිවර්තන කටයුතු සඳහා රෝහල්වලට යන ලෙස බලධාරීන් ප්‍රාදේශීය මැන්ඩරින් භාෂාව දන්නා අයගෙන් ඉල්ලීමක් කර තිබේ.