පසුගිය සති දෙක තුළ ඇෆ්ගනිස්ථානය පදනම් කරගත් බලගතු පාකිස්තාන සටන්කාමීන් තිදෙනෙකු ඝාතනය කර ඇති අතර, තවත් පාකිස්තාන සටන්කාමී කණ්ඩායමක් ඇෆ්ගනිස්ථාන විශේෂ බලකායන් විසින් දරුණු වැටලීමකට ලක්කර තිබේ.
අවුරුදු 18ක් පුරා පැවති ගැටුම අවසන් කිරීම අරමුණු කරගත් එක්සත් ජනපද හා ඇෆ්ගනිස්ථාන තලේබාන් සටන්කාමීන් අතර සාකච්ඡා ගිවිසුමක් කරා යන බවක් පෙනෙන්නට තිබීමත් සමග මෙම මර්දනය සිදුව තිබේ.
ඇමෙරිකානු සහ පකිස්ථාන හමුදා අතර රහසිගත ගිවිසුමක ප්රතිඵලයක් ලෙස මෙම මරණ සිදුව ඇති බවටද තොරතුරු වාර්තා වන අතර, සාකච්ඡාවලට පහසුකම් සැලසීමේදී පාකිස්තානය වැදගත් කාර්යභාරයක් ඉටුකර ඇති බව විශ්වාස කෙරෙයි.
මෙම නවතම සිද්ධියේදී, පාකිස්තාන තලේබාන් සංවිධානයෙන් වෙන්වූ කන්ඩායමේ නායක ෂෙහ්රියාර් මෙහ්සුඩ් නැඟෙනහිර පළාතේ කුනාර්හිදී ඔහුගේ නිවස අසලදී දුරස්ථ පාලක බෝම්බයක් පුපුරා යාමෙන් මරා දමා තිබුණි.
ඔහුට සටන් කණ්ඩායම් තුළ බොහෝ ප්රතිවාදීන් සිටි නමුත් ඔහුගේ මරණයට ඔවුන්ගේ සම්බන්ධයක් නොමැති බවට එම කණ්ඩායම් පවසා සිටියි.
කෙසේ වෙතත් මෙම මරණයට පාකිස්තාන බුද්ධි අංශ වගකිව යුතු බව ඔහුගේ සටන් සගයෙකු පවසා තිබුණි.