එක්සත් ජනපදය සහ ඇෆ්ගනිස්ථාන තලේබාන් සංවිධානය අතර දින හතක, ප්රචණ්ඩත්වය අඩු කිරීමේ අර්ධ සටන් විරාමයක් ආරම්භ වී තිබේ.
“මෙය සාමය සඳහා දිගු මාවතක වැදගත් පියවරක්” යැයි එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ පසුගිය සිකුරාදා පැවසීය.
එය සාර්ථක වුවහොත්, දශක දෙකකට ආසන්න ගැටුම් අවසන් කිරීම අරමුණු කරගත් ගනුදෙනුවේ පළමු අදියර සඳහා දෙපාර්ශ්වයම අත්සන් කරනු ඇත.
එරට වේලාවෙන් ඊයේ (21දා) මධ්‍යම රාත්‍රියේ ආරම්භ වූ මෙම ගිවිසුම ඇමෙරිකානු සහ ඇෆ්ගනිස්ථාන තලේබාන් නියෝජිතයින් අතර වසරකට වැඩි කාලයක් පැවති සාකච්ඡාවලින් පසුව ඇති වූවකි.
නිවේදනයක් නිකුත් කරමින් තලේබාන් සාකච්ඡාකරුවන් කියා සිටියේ ගිවිසුමක් අත්සන් කිරීමට පෙර සුදුසු ආරක්ෂක තත්වයක්” නිර්මාණය වනු ඇති බවයි.
සියලු විදේශීය බලවේග ඉවත් කර ගැනීමත් සමඟ රට පුරා සාමය සඳහා අඩිතාලම දමනු ඇතැයි ඔවුන්ගේ අපේක්ෂාව වී තිබේ.
නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටොල්ටන්බර්ග් මෙම පියවර පිළිගත් අතර මෙය තලේබාන්වරුන්ගේ ප්රචණ්ඩත්වය අවම කිරීමට ඇති කැමැත්ත සහ හැකියාව පිළිබඳ තීරණාත්මක පරීක්ෂණයක් වන බවත්, යහපත් විශ්වාසයකින් සාමයට දායක වීමක් බවත් ඔහු කියා තිබේ.
මේ වනවිට එරට ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පිළිබඳ ආරවුලක් සමග ගැටෙමින් සිටි ඇෆ්ගනිස්ථාන රජය සාකච්ඡාවල කොටස්කාර පාර්ශ්වයක් නොවීය.