එක්සත් ජනපදයේ ඔහියෝ ප්‍රාන්තයේ දින කිහිපයකින් සිදු වූ නවතම වෙඩි තැබීමේ සිද්ධියක් හේතුවෙන් පුද්ගලයන් සිව්දෙනෙකුට දිවි අහිමි වී තිබේ.
මැඩිසන් ප්‍රදේශයේ සිදුව ඇති මෙම වෙඩි තැබීමේ සිද්ධියෙන් මහල් නිවාස ගොඩනැගිල්ලක සිටි පිරිමින් තිදෙනෙකු සහ එක් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇත.
ප්‍රාදේශීය පොලිස් ප්‍රධානී ක්‍රිස්ටෝපර් ෆ්ලොයිඩ් පවසන පරිදි වින්දිතයින් තිදෙනෙකු මෙම මහල් නිවාසයේ සහ එක් අයෙකු ඉන් පිටතදී සොයාගෙන ඇත.
මෙතෙක් කිසිදු සැකකරුවෙකු හඳුනාගෙන නොමැති අතර, ෆ්ලොයිඩ් කියා සිටියේ විමර්ශන තවදුරටත් සිදුවන බවය.
මේ අතර පසුගිය මැයි 23 වැනි දින ප්‍රාන්තයේ නගර දෙකක තවත් වෙඩි තැබීම් දෙකක් වාර්තා විය. ඒ අනුව ඔහියෝ යංග්ස්ටවුන් හි බාර් එකක් අසල සිදු වූ වෙඩි තැබීමකින් අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලැබූ අතර, ඩවුන්ටවුන් කොලොම්බස් බයිසෙන්ටෙනියල් උද්‍යානයේ සිදුවූ වෙඩි තැබීමකින් තරුණියක් මිය ගොස් තවත් පස් දෙනෙකු තුවාල ලැබීය.
කොවිඩ්-19 අගුලු දැමීම අවසන් වන විට එක්සත් ජනපදය පුරා වසර ගණනාවක් පුරා පවතින වෙඩි තැබීමේ සිද්ධීන් තවදුරටත් උත්සන්න වීමක් දක්නට ලැබෙන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.