උතුරුදිග කැලිෆෝනියාව පුරා පැතිර යන දරුණු ලැව්ගිනි තත්ත්වය පාලනය කරගැනීම සඳහා ගිනි නිවන භටයන් දැඩි උත්සාහයක නිරත වන බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, මේ වනවිට ඔවුන් ගින්නෙන් 30%ක් පමණ පාලනය කරගෙන ඇති බවත්, එය අක්කර 125,000ක් පුරා පැතිර ගිය කොටසක් බවත්, මෙම මස අවසානය තෙක් සම්පූර්ණ ගින්න පාලනය කරගැනීම අපහසු වනු ඇති බවත් විදෙස් වාර්තා පෙන්වා දෙයි.
පැරඩයිස්, බට් කන්ට්‍රි ආදී නගර නගර සම්පූර්ණයෙන්ම මෙම ලැව්ගිනි තත්ත්වය නිසා විනාශ වී ඇති අතර, ගින්නෙන් මියගිය පිරිස් සොයා අධිකරණ වෛද්‍ය නිලධාරීන් පරීක්ෂණ අරඹා ඇති බවද කියයි.
මේ වනවිට සම්පූර්ණ විනාශයෙන් ජීවිතක්ෂයට පත්වූ පිරිසේ නිල සංඛ්‍යාව 48ක් ලෙස ඉහළ දමා ඇති අතර, තවත් පුද්ගලයන් දුසින් ගණනක් අතුරුදන්ව ඇති බවද බලධාරීහු පවසති.
2018 වසර අවසානය වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයට බලපෑ අතිශය ප්රබලතම ලැව්ගිනි තත්ත්වය මෙය ලෙස සැලකෙන අතර, පවතින වියළි හා සුළං සහිත කාලගුණය නිසා ගින්න වේගයෙන් පැතිරෙන බවද කාලගුණ අංශ නිවේදනය කරයි.