ඇමෙරිකාව සහ චීනය අතර ඇතිව තිබෙන වෙළෙඳ යුද්ධයේ නවතම සිදුවීම ලෙස ඇ.ඩො.බිලියන 200ක් වටිනා චීන භාණ්ඩ වෙත නව බදු පැනවීමක් සිදුකිරීමට ඇමෙරිකාව කටයුතු කර තිබේ.
මෙම ඉහළ දැමූ ආනයන බදු චීනයෙන් ගෙන්වන භාණ්ඩ වර්ග 6,000කට පමණ අදාළ වන අතර, එය ඇමෙරිකාව මෙතෙක් සිදුකළ ඉහළතම බදු නැංවීම ලෙසද සැලකෙයි.
චීනයෙන් පැමිණෙන හෑන්ඩ්බෑග්, සහල්, රෙදිපිළි ආදියද මීට ඇතුළත් වන අතර, තවත් උපකරණ අතර ස්මාට් අත්ඔරලෝසු සහ සුඛෝපභෝගී ආසන ආදියද වෙයි.
කෙසේ වෙතත් ඉදිරියේදී ඇමෙරිකාව සමග එකටඑක බදු පැනවීමක් සිදුකරන බවට චීනය අවධාරණය කර තිබුණි.
මෙම නව බදු පැනවීම් ලබන සැප්තැම්බර් 24දා සිට බලපැවැත්වෙන අතර, ඉදිරියේදී රාජ්‍යයන් දෙකම එකඟතාවකට නොපැමිණියහොත් ලබන දැනට 10%කින් වැඩිකර තිබෙන බදු ලබන වසරේ සිට 25% දක්වා ඉහළ යනු ඇත.