එක්සත් ජනපදය තමන් විසින් පොරොන්දු වූ කොවිඩ්-19 එන්නත් මාත්‍රා මිලියන 80ක් ගෝලීයව බෙදා හැරීමට සැලසුම් කරන ආකාරය ඉදිරි සති දෙක තුළ නිවේදනය කරන බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් පවසයි.
කොස්ටාරිකා ජනාධිපති කාලෝස් අල්වරාඩෝ සමග ඒකාබද්ධ ප්රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් බ්ලින්කන් කියා සිටියේ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩෙන්ගේ පරිපාලනය විසින් එන්නත් සමානව බෙදා හැරීම කෙරෙහි අවධානය යොමු කරන අතර, එම ක්‍රියාවලියට දේශපාලන නූල් බැඳ නොගන්නා බවයි.
"කොවිඩ්-19 මැඬලීම සඳහා ඉදිරි සතියේ සිට සති දෙක දක්වා එම එන්නත් බෙදා හරින ක්‍රියාවලිය, නිර්ණායක මොනවාද, අප එය කරන්නේ කෙසේද යන්න නිවේදනය කිරීමට කටයුතු කරනවා. ඒ වගේම එන්නත් ලබාගන්නා අයගේ දේශපාලන අවශ්‍යතා නොමැතිව අප මෙසේ එන්නත් බෙදාහැරීම සිදුකරනවා" ඇමෙරිකානු නව රාජ්‍ය ලේකම් වශයෙන් ලතින් ඇමෙරිකාවේ සිය පළමු සංචාරයේදී බ්ලින්කන් පැවසීය.