එක්සත් ජනපදයේ කොවිඩ්-19 හෙවත් නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 4,475ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව 87ක් බවට පත්ව තිබේ.
එක්සත් ජනපද රෝග පාලන හා වැලැක්වීම් මධ්‍යස්ථානය සහ ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ මියගිය අයගෙන් 70 දෙනෙකු රට තුළ ජීවත් වූ අය බවත්, සෙසු පිරිස චීනයෙන් හෝ ඩයමන්ඩ් ප්‍රින්ස් නෞකාවෙන් පැමිණි අය බවත්ය.
එමෙන්ම මේ දක්වා මෙම සිද්ධීන් 4,405ක් රට තුළදී පරීක්ෂා කිරීමෙන් පසුව තහවුරු කරගත් සිද්ධීන් බවද කියයි.
මේ වනවිට එක්සත් ජනපදය තුළ ප්‍රාන්ත 50න් වෛරස ආසාදිතයෙකු වාර්තා නොවන එකම ප්‍රාන්තය බටහිර වර්ජිනියා ප්‍රාන්තය පමණි.