මෙක්සිකෝව හරහා ඇමෙරිකා එක්සත් ජනපදය වෙත සංක්‍රමණය වීමට පැමිණි ප්‍රථම ජන සමූහය එරට අගනගරය වන මෙක්සිකෝ සිටි වෙත පැමිණ ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙසේ පැමිණි පළමු වැනි පිරිස අතර 450ක පමණ ජන කණ්ඩායමක් සිටින බවත්, ඔවුන්ගෙන් වැඩි දෙනෙකු පුරුෂ පක්ෂයේ සහ කුඩා දරුවන් බවත් කියයි.
එසේ පැමිණි මෙම පිරිස මේ වනවිට මෙක්සිකෝ සිටි නගරයේ ක්‍රීඩාංගණයක තාවකාලිකව ලැගුම්ගෙන සිටින බවද සඳහන් වෙයි.
විශාල තවලමක් ලෙස සැලකුණු මෙම ජන සමූහය හොන්ඩූරාස් රාජ්‍යයේ සිට මුලින්ම ගමන් අරඹා තිබුණේ මීට සති කිහිපයකට පමණ පෙරය.
එහිදී, 5,000ක පමණ පිරිසක් මෙම තවලමට එක්ව තිබුණේ, ආර්ථික අහේණිය ඔඩුදුවමින් පැවති එම රාජ්‍යයන් තුළ තවදුරටත් ජීවත් වීමට හැකි පරිසරයක් නොමැති බව පවසමිනි.
කෙසේ වෙතත්, මෙසේ පැමිණෙන සංක්‍රමණිකයන් ඇමෙරිකාවට ඇතුළුවීම වැළැක්වීම සඳහා ආයුද සන්නද්ධ හමුදාවක් ඇමෙරිකා - මෙක්සිකෝ දේශසීමාවේ යොදවා ඇති බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කරයි.