ඇමෙරිකා එක්සත් ජනපදය අද (25දා) දිනය අවසන් වනවිට එරට වැඩිහිටියන්ගෙන් අඩකට කොවිඩ්-19 මර්දන සම්පූර්ණ එන්නත් මාත්රා ලබා දී ඇති බව ධවල මන්දිරය උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසයි.
එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ජූලි 4 වැනිදා වනවිට එරට වැඩිහිටියන්ගෙන් 70%කට අවම වශයෙන් එක් මාත්රාවක්වත් එන්නත් කිරීමේ ඉලක්කයක් තබා ඇත.
චීනයට පසුව ලොව දෙවැනුව වැඩිම වේගයකින් එන්නත්කරණය සිදුකරන රට බවට ඇමෙරිකා එක්සත් ජනපදය පත්ව සිටියි.