ඇමෙරිකා එක්සත් ජනපදයේ මධ්‍ය වාර මැතිවරණය අද (06දා) ආරම්භ වන අතර, මෙය ඇමෙරිකානු ඉතිහාසයේ අතිශය පිළිකුල් සහගතම මැතිවරණය බවට ඇතැම් දෙනා චෝදනා කරයි.
විශේෂයෙන්ම, මෙම මැතිවරණය වෙනුවෙන් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුකර ඇති දැන්වීම එරට බොහෝ මාධ්‍ය ආයතන විසින් ඉවත දමා ඇති බවද කියයි.
එම දැන්වීමට අනුව, ඇමෙරිකාව වෙත පැමිණෙන නීති විරෝධී සංක්‍රමණිකයෙකු ආරක්ෂක අංශ සාමාජිකයෙකු විසින් මරා දමන දසුනක් පවතින බව කියයි.
ඇමෙරිකානු කොංග්‍රසයේ පාර්ලිමේන්තු ආසන 435ක් සහ සෙනට් සභික ආසන 35ක් වෙනුවෙන්ද, ප්‍රාන්ත 36ක ආණ්ඩුකාරවරුන් වෙනුවෙන්ද මෙම මැතිවරණය පැවැත්වෙයි.
එමෙන්ම, ෆ්ලොරීඩා සහ ජෝර්ජියා යන ප්රාන්තවලදී අප්‍රිකානු ඇමෙරිකානු සම්භවයක් ඇති අපේක්ෂකයන් වෙත වර්ගවාදී ප්‍රහාරයක් එල්ල වෙමින් පවතින බවද සඳහන් වෙයි.
මේ අතර, මෙම මැතිවරණය ඇමෙරිකානු ජනාධිපතිවරයාට එරෙහිව ගෙනෙන ජනමතවිචාරණයක් ලෙස සැලකීමටද විරුද්ධ පක්ෂ දේශපාලඥයන් කටයුතු කරමින් සිටියි.