ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවති මධ්‍ය වාර මැතිවරණ ප්‍රතිඵලය අනුව එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ වැඩි බලය ඩිමොක්රටික් පක්ෂයට හිමිව තිබේ.
මෙය ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට මෙන්ම, ඔහුගේ රිපබ්ලිකන් පක්ෂයට කණේ පහරක් බඳු යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
මෙසේ වසර 8කට පසුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ පාලනය සියතට ගැනීමත් සමග ජනපති ට්‍රම්ප්ගේ අත්තනෝමතික න්‍යාය පත්‍රයට බලපෑම් කිරීමේ හැකියාව දැන් ඩිමොක්රටික් පක්ෂයට හිමිව තිබේ.
කෙසේ වෙතත්, ඇමෙරිකානු සෙනෙට් මණ්ඩලයේ බලය ශක්තිමත් කර ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයට හැකි වී තිබේ.
ඊයේ (06දා) පැවති මෙම මැතිවරණය ජනාධිපති ට්‍රම්ප්ගේ පාලනය සම්බන්ධයෙන් පැවැත්වෙන ජනමත විචාරණයක් ලෙසද විචාරකයෝ හඳුන්වා තිබුණි.
මෙම ජයග්‍රහණයත් සමග නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඩිමොක්රටික් පක්ෂ නායිකා නැන්සි පේලොසි සිය ආධාරකරුවන්ගේ ප්‍රීති ඝෝෂා මැද කියා සිටියේ, "ඔබලාට ස්තුතියි, හෙට දිනය ඇමෙරිකාවට නව දිනයක් වේවි," යනුවෙනි.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලන, ව්‍යාපාරික කටයුතු, සබැඳයාවන් අතර ගැටුම් ආදිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ඩ්රමොක්රටික් පක්ෂයට මෙම ජයග්‍රහණයත් සමග අවස්ථාව හිමි වනු ඇති අතර, මෙක්සිකෝව සහ ඇමෙරිකාව අතර තාප්පයක් ඉදි කිරීම වැනි ව්‍යවස්ථාමය සැලසුම් අවහිර කිරීම සඳහාද ඔවුන්ට ක්‍රියාත්මක විය හැකි බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.