ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණ ප්රතිඵල මේ වනවිට ගණනය කරමින් පවතින අතර, ප්රකාශිත නිල නොවන ප්රතිඵල අනුව මේ වනවිට තවමත් ජෝ බයිඩන් ඉදිරියෙන් සිටියත් කරටකර තරගයක් දැකිය හැකි බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ඒ අනුව ජෝ බයිඩන් ඡන්ද සමූහ (electoral college) 223ක් ජයග්රහණය කර ඇති බව නිව්යෝක් ටයිම්ස් විශ්ලේෂිත පුරෝකථනයන් පෙන්වා දෙන අතර, ට්රම්ප් ඡන්ද සමූහ (electoral college) 212ක් ජයග්රහණය කර තිබේ. එහිදී මේ දක්වා ගණනය කෙරුණු ඡන්ද අනුව බයිඩන් 49.7%ක් සහ ට්රම්ප් 48.6%ක් ලෙස ඉතා ආසන්නයෙන් ජනතා ආකර්ෂණය දිනාගෙන ඇති බවද කියයි. සීඑන්එන් විශ්ලේෂිත පුරෝකථනය අනුව මේ වනවිට ජෝ බයිඩන් ඡන්ද සමූහ (electoral college) 220ක් සහ ට්රම්ප් 210ක් ජයග්රහණය කරගෙන ඇත.
ඇමෙරිකානු ජනාධිපතිවරණය ජයග්රහණය කිරීමට එක් අපේක්ෂකයෙකු ඡන්ද සමූහ (electoral college) 270ක් ජයග්රහණය කළ යුතුව තිබේ.