ඇමෙරිකානු නිෂ්පාදන සඳහා ඉන්දියාව පනවා ඇති නව තීරුබදු කිසිසේත්ම පිළිගත නොහැකි බවත්, ඒවා ඉවත් කරගැනීමට කටයුතු කරන ලෙසත් සඳහන් කර තිබේ.
එක්සත් ජනපදය විසින් ඉන්දියාවට GSP සහනය ලබාදීම අවලංගු කිරීමට ජනපති ට්‍රම්ප් තීරණය කිරීමට ප්‍රතිචාර ලෙස මෙම මස මුලදී ඉන්දියාව විසින් එක්සත් ජනපදයෙන් ආනයනය කරන භාණ්ඩ 28ක් සඳහා තීරුබදු ඉහළ නංවන්නට කටයුතු කළේය.
රාජ්‍යයන් දෙක විසින් මෙම ක්‍රියාව සම්බන්ධයෙන් එකිනෙකා වෙත බලය පෙන්වමින් සිටින අවස්ථාවේදී ට්‍රම්ප් මෙම චෝදනා ඉදිරිපත් කරන්නට විය.
හෙට (28දා) ජපානයේ, ඔසාකා නුවර ඇරඹෙන G20 රාජ්‍ය නායක සමුළුවේදී ඉන්දීය අගමැති මෝදි සමග ට්‍රම්ප් සාකච්ඡා කිරීමට සූදානමින් සිටින අතර, මෙයද එම සාකච්ඡා මේසයට පැමිණෙනු ඇත.
ජපානය වෙත පිටත්ව යෑමට මෙහොතකට පෙර ධවල මන්දිරය ඉදිරියේ සිටි මාධ්‍ය අමතමින් ට්‍රම්ප් කියා සිටියේ, එක්සත් ජනපදයෙන් ප්‍රයෝජන ලබාගත් බොහෝදෙනෙකුට තවදුරටත් ඒ ප්‍රයෝජන නොලැබෙනු ඇති බවයි.