එක්සත් ජනපද දේවගැතිවරයෙකු හා මානසික උපදේශකයෙකු සියදිවි නසාගෙන ඇති බව ඔහු නියෝජනය කළ පල්ලියේ නිලධාරීහු පවසති.
30 හැවිරිදි ජැරීඩ් විල්සන් සිය මරණයට පෙර 15,000ක සාමාජිකයන් පිරිසක් සිටින වෙස්ට් ක්‍රිස්ටියන් ෆෙලෝෂිප් පල්ලියේ සේවය කරමින් සිට ඇත.
විල්සන් දේවගැතිවරයා මෙන්ම, ඔහුගේ බිරිඳද මානසික අවපීඩනයෙන් පෙළෙන අයට උපකාර කිරීම සඳහා නිර්මාණය කරන ලද ඇන්ටම් ඔෆ් හෝප් නම් වැඩසටහන ආරම්භ කර තිබුණි.
මෙම මරණයෙන් කම්පනයට පත් දරුවන් දෙදෙනෙකුගේ මවක් වන ඔහුගේ බිරිඳ ජූලී පවසන්නේ "මගේ පපුවෙන් මගේ හදවත මුළුමනින්ම ඉරා දමලා" යනුවෙනි.
ඔහුගේ මරණය දකුණු කැලිෆෝනියාවේ පල්ලියට නායකත්වය දෙන ජ්‍යෙෂ්ඨ දේවගැති ග්‍රෙග් ලෝරි විසින් සනාථ කර ඇත.