ඇමෙරිකානු අභ්‍යන්තර ආරක්ෂක ලේකම් ක්රිස්ට්ජෙන් නීල්සන් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඇය ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විවාදයට තුඩුදුන් දේශසීමා ප්රත්පත්ති බලාත්මක කිරීමට කටයුතු කළ අයෙකි.
ඇයගෙන් හිස්වන ධුරයට රේගු සහ දේශසීමා ආරක්ෂක කොමසාරිස් කෙවින් මැක්ඇලීන් තාවකාලිකව පත්වනු ඇති බව ට්‍රම්ප් පවසයි.
දැඩි ආගමන නීති හඳුන්වාදීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් ට්‍රම්ප් මත පළ කරද්දී ඇගේ ඉල්ලා අස්වීම සිදුවීමද විශේෂත්වයකි.
ඇය මෙම ධුරයේ දැඩි තීරණ ගැනීමට තරම් ප්‍රමාණවත් නොවන බව මෑතකදී ට්‍රම්ප් චෝදනා නගා තිබුණි.