ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයේ ප්රතිඵල ගණනය කිරීමේදී කරටකර තරගයක් මේ වනවිට පැමිණ ඇති අතර, තවමත් ජෝ බයිඩන් ඡන්ද සමූහ (electoral votes) ලබාගැනීමෙන් ඉදිරියෙන් සිටියි.
කෙසේ වෙතත් මේ වනවිට ඡන්දය තවදුරටත් ගණනය කෙරෙන පෙන්සිල්වේනියා හි 88%ක් ඡන්ද ගණනය කිරීම් අවසන් වනවිට ට්රම්ප් ඉදිරියෙන් සිටින අතර ඔහුගේ 50.8%ක් වන අතර, බයිඩන්ගේ 47.9%කි. මෙම ප්රාන්තය සතුව ඡන්ද සමූහ (electoral votes) 20ක් සතුය.
එසේම නෝත් කැරෝලීනා හි දැනට 95%ක් ඡන්දය ගණනය කිරීම් සිදුකර ඇති අතර, ට්රම්ප් ඉදිරියෙන් සිටිමින් 50.1%ක ප්රතිශතයක් ලබාගෙන සිටියි. බයිඩන් 48.7%ක ප්රතිශතයක් ලබාගෙන ඇත. මෙම ප්රාන්තයේ ඡන්ද සමූහ (electoral votes) 15ක් වෙයි.
ජෝර්ජියා තවත් උණුසුම් තරගයක් පවතින ප්රාන්තයක් වන අතර මෙහි 95%ක් ඡන්දය ගණනය කිරීම් සිදුව තිබේ. මෙහිදී ට්රම්ප් ඉදිරියෙන් සිටිමින් 49.7%ක ඡන්ද ප්රතිශතයක් ලබාගෙන ඇති අතර, බයිඩන් 49.1%ක ප්රතිශතයක් ලබාගෙන සිටියි. මෙම ප්රාන්තයට ඡන්ද සමූහ (electoral votes) 16ක් හිමිය.
එමෙන්ම ඇලස්කා හි ඡන්දය ගණනය කිරීම 56%ක් දැනට සිදුව ඇති අතර, ට්රම්ප් දැනට ඉදිරියෙන් සිටිමින් 62.9%ක ප්රතිශතයක් ලබා සිටියි. එසේම බයිඩන් මෙහි දැනට ලබාගෙන ඇත්තේ 33%ක ප්රතිශතයකි. මෙහි ඡන්ද සමූහ (electoral votes) 3ක් පමණක් වෙයි.
නෙවාඩා ප්රාන්තයේ ගණන කෙරී ඇති ඡන්ද ප්රතිශතය 86%කි. එහි බයිඩන් ඉදිරියෙන් සිටින අතර ඔහුගේ ප්රතිශතය 49.3%කි. මෙහි ට්රම්ප් 48.7%ක ප්රතිශතයක් දැනට ලබාගෙන සිටියි. නෙවාඩා ප්රාන්තය සතුව ඡන්ද සමූහ (electoral votes) 6ක් වෙයි.
අවසන් වශයෙන් ඇරිසෝනා ප්රාන්තයේද මේ වනවිට 86%ක ඡන්ද ප්රතිශතයක් ගණනය කර ඇත. එහිදීද බයිඩන් ඉදිරියෙන් සිටින අතර ඔහු 50.7%ක ප්රතිශතයක්ද, ට්රම්ප් 47.9%ක ප්රතිශතයක්ද ලබා සිටියි. මෙහි ඡන්ද සමූහ (electoral votes) 11ක් සතුය.
ඒ අනුව දැනටමත් ඡන්ද සමූහ 253ක් තමන් සතු කරගෙන ඇති බවට පුරෝකථනය කෙරී ඇති බයිඩන් නෙවාඩා සහ ඇරිසෝනා ප්රාන්ත ජයග්රහණය කර සෙසු ප්රාන්ත පරාජයට පත් වුවත්, ඔහුගේ ඡන්ද සමූහ (electoral votes) 270 සම්පූර්ණ වෙයි. එමෙන්ම අනෙක් ප්රාන්තවලද තැපැල් ඡන්ද සහ කලින් ප්රකාශකළ ඡන්දවලින් පවතින තත්ත්වයන් දෝලනය වුවහොත් ඔහුගේ ඡන්ද සමූහ (electoral votes) මීට වඩා වැඩිවීමටද පුළුවන. නමුත් අවසන් ඡන්දය ගණන කිරීම දක්වාම මෙය අතිශය තියුණු තරගයක් වී තිබුණත්, දැනට පවතින මෙම තත්ත්වයන් මත ජෝ බයිඩන්ට වැඩි අවස්ථාවක් පවතින බව පුරෝකථනය කළ හැකිය. නමුත් අවසාන වශයෙන් ඡන්ද සමූහ (electoral votes) 270 සම්පූර්ණ කරන්නේ ට්රම්ප්ද, බයිඩන්ද යන්න තවමත් පැවසීමට නොහැක.