ඇපල් සමාගමේ නවතම ජංගම දුරකථනය වන iPhone X නවතම සංස්කරණය iPhone XS ජංගම දුරකථනය ඇතුළුව තවත් ඇපල් නිෂ්පාදන ත්රිත්වයක් හඳන්වාදෙනු ලැබීය.
ඒ අනුව, වෙළෙඳ පොළට පැමිණෙන iPhone XS Max අඟල් 6.5ක තිරයකින් පැමිණෙන අතර, XS දුරකථනය සඳහා එහි මූලික X මාදිලිය මෙන්ම අඟල් 5.8ක තිරයක් වෙයි. එමෙන්ම, XR දුරකථනයේ තිරය අඟල් 6.1කි.
ඊට අමතරව, නවතම ඇපල් ස්මාට් වොච් එකක්ද හඳුන්වාදීම සිදුව තිබුණේ නව විශේෂාංග රැසක් එකතු කරමිනි.
ඒ අනුව, Apple iPhone XS, iPhone XS Max යන දුරකථන සැප්තැම්බර් 21 වැනිදා වෙළෙඳ පොළට පැමිණෙන අතර, iPhone XR වර්ණ රටා කිහිපයකින්ම ඔක්තෝබරයේ වෙළෙඳ පොළට පැමිණෙනු ඇත.
iPhone XS Max ඇපල් සමාගම එදාමෙදා තුර හඳුන්වාදුන් මිල අධිකම ජංගම දුරකථනය බවට පත්වනු ඇති අතර, XS එහි මුල් නිමැවුම වන X හි මිල පරාසයේද, XR අඩු මිල පරාසයේද අලෙවි වනු ඇති බව ඇපල් ප්රධාන විධායක නිලධාරී ටිම් කුක් පවසයි.
කෙසේ වෙතත්, ඇපල් සමාගමේ දුරකථන නිෂ්පාදන අතර මැදි සහ පහළ වටිනාකම්වලින් යුතු ස්මාට් ජංගම දුරකථන දක්නට නොලැබීමෙන් හුවාවේ, විවෝ, ඔපෝ සහ ෂිඕමි ආදී චීන ජංගම දුරකථන නිෂ්පාදන සමාගම් මේ වනවිට ඇපල් සමාගමට මෙන්ම, සැම්සුන්ග් සමාගමටද දැඩි තරගයක් ලබාදී ඇති බව වෙළෙඳ පොළ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.