ඇපලෝ 11 අභ්‍යවකාශ යානය චන්ද්‍රයා වෙත මෙහෙයවීමේ අණදෙන මොඩියුලයේ නියමුවා වූ නාසා ගගනගාමී මයිකල් කොලින්ස්, වයස අවුරුදු 90 දී පිළිකාවක් සමග සටන් කරමින් සිට සිය ජීවිතයෙන් සමුගෙන තිබේ.
කොලින්ස්ගේ ෆේස්බුක් පිටුව ඔස්සේ ඔහුගේ පවුලේ ඥාතීන් මෙම පුවත අනාවරණය කර තිබේ.
"අපගේ ආදරණීය පියා සහ සීයා පිළිකාවක් සමග ඇති වූ දරුණු සටනකින් පසු අද අභාවප්‍රාප්ත වූ බව ප්‍රකාශ කරන්නේ කනගාටුවෙන් යුතුවයි." එහි සඳහන් විය.
ඔහු සිය අවසන් දින සාමකාමීව, පවුලේ අය සමග ගත කර ඇත. මයිකල් සැමවිටම ජීවිතයේ අභියෝගයන්ට කරුණාවෙන් හා නිහතමානීව මුහුණ දුන් අයෙකු වන අතර, ඔහුගේ අවසාන අභියෝගයටද ඒ ආකාරයෙන්ම මුහුණ දී ඇති බව කියයි.
කොලින්ස් ගගනගාමියෙකු ලෙස සිය වෘත්තීය ජීවිතයේ අවුරුදු හතක් ගත කළ නාසා ආයතනයද කොලින්ස්ගේ අභාවය පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
"අද ජාතියට සැබෑ පුරෝගාමියෙකු හා අභ්‍යවකාශ ගවේෂණය සඳහා ජීවිත කාලය පුරාම පෙනී සිටි උපදේශකයෙකු අහිමි වුණා" වැඩබලන නාසා පරිපාලක ස්ටීව් ජුර්සික් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය. ඇපලෝ 11 විධාන මොඩියුලයේ නියමුවා වූ ඔහු, සමහරු හැඳින්වූයේ 'ඉතිහාසයේ හුදකලා මිනිසා' ලෙසිනි. ඔහුගේ සගයන් පළමු වරට සඳ මත ඇවිද යන විට, ඔහු එම නිශ්චිත සන්ධිස්ථානය කරා යාමට උදව් කළේය.