ඉන්දියාවේ ආහාර බෙදාහැරීමේ පුද්ගලයෙකු තම සේවාදායකයා වෙනුවෙන් ගෙනයන කෑම පාර්සලයක රස බලන වීඩියෝ දසුනක් ප්රසිද්ධියට පත්වීමේ සිද්ධිය මේ වනවිට විවාදයට තුඩුදී තිබේ.
මෙම සිද්ධියෙන් පසුව අදාළ පුද්ගලයා එම සමාගමේ සේවයෙන් ඉවත් කළද, ඔහු කෙරෙහි බොහෝ දෙනෙකු සිය කරුණාවේ දෑත් දිගුකර ඇති බව කියයි.
දකුණුදිග ඉන්දියාවේ මදුරායි ප්රදේශයේදී මෙම සිද්ධිය ඇස ගැටී තිබුණු අතර, ඔහු එම ආහාර බඳුනෙන් කිහිපයක් රස බලා එය නැවත තම සේවාදායකයාගේ මල්ල වෙතම දමන ආකාරය දැකිය හැකිය.
මෙය මුලින් බොහෝ දෙනෙකු තුළ කෝපය හා දැඩි පිළිකුළ ඇති කරන සිදුවීමක් වුවත්, එම වීඩියෝව වේගයෙන් අන්තර්ජාලය තුළ හුවමාරු වීම තුළ මෙම පුද්ගලයන් ඉතා අසීරු තත්ත්වයන් යටතේ සිදුකරන මෙම ක්රියාවත්, ඔවුන්ට ගෙවන සොච්චම් වැටුපත් ආදී කරුණු මූලික කර ගනිමින් මේ වනවිට වැඩි පිරිසක් සේවයෙන් පහ කළ සේවකයා වෙනුවෙන් පෙනී සිටින බව කියැවෙයි.