ඉදිරි දශක දෙකක කාලය තුළ ආසියා පැසිෆික් කලාපයට ගුවන් නියමුවන්, ගුවන් කාර්මික ශිල්පීන් සහ ගුවන් කාර්ය මණ්ඩලය සඳහා විශාල පිරිසක් සඳහා ඇබෑර්තු පවතින බව බෝයිං ගුවන් යානා නිෂ්පාදන සමාගම පවසයි.
විශේෂයෙන්ම ආසියානු කලාපයේ ආර්ථික වර්ධනය සමග ජනතාවගේ ඒකපුද්ගල ආදායම් වැඩිවීම නිසා ඔවුන් වැඩි පිරිසක් ගුවන් ප්‍රවාහනය යොදාගැනීම මීට හේතු වී තිබේ.
ඒ අනුව, වර්ෂ 2037 වනවිට ගුවන් නියමුවන් 240,000කට සහ ගුවන් කාර්ය මණ්ඩලයේ 317,000කට රැකියා අවස්ථා උදාවනු ඇති බව එම සමාගම පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, මෙම ප්‍රමාණයෙන් අඩකට ආසන්න පිරිස චීනයේ ගුවන් සේවා සඳහා පමණක් අවශ්‍ය වනු ඇති බවද එම සමාගම පවසා සිටියි.