ආර්ජන්ටිනාවේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබිය යුතු ඇ.ඩො.බිලියන 50ක ණය මුදල ඉක්මනින් ලබාදෙන ලෙස එරට රජය ඉල්ලීමක් කර තිබේ.
ආර්ජන්ටිනා ජනාධිපති මවුරිකෝ මැක්රි පවසා සිටියේ එරට ආර්ථිකය තුළ විශ්වාසය යළි තහවුරු කිරීම සඳහා මෙම කඩිනම් පියවර ගැනීමට සිදුවූ බවයි.
මෙම වසර තුළ ආර්ජන්ටිනා මුදල් ඒකකය වන පේසෝ 40%ක කඩා වැටීමක් පෙන්වන අතර, රටේ උද්ධමනය අහස උසට ඉහළ යමින් තිබේ.
මේ අතර, ඊයේ (29දා) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තහවුරු කරනු ලැබුවේ ඔවුන් මෙම අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් ආර්ජන්ටිනාව වෙත සහන සැලසීමට පියවර ගන්නා බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටීන් ලැගාර්ඩ් පවසා සිටියේ ආර්ජන්ටිනා රජයේ ප්‍රතිපත්ති සැලසුම් හි ප්‍රතිසංස්කරණ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබාදීමට සූදානමින් සිටින බවයි.