දකුණු ඉන්දීය ප්‍රාන්තයක් වන ආන්ද්‍රා ප්‍රදේශ් හි ගොඩවරි ගංගාවේදී සංචාරක බෝට්ටුවක් පෙරළීමෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් 30 දෙනෙකු අතුරුදන් වී තිබේ.
පුද්ගලයන් 60 දෙනෙකු පමණ රැගත් මෙම බෝට්ටුව ඉරිදා ජනප්‍රිය සංචාරක ස්ථානයකට යමින් සිටියදී විශාල පර්වතයක ගැටී ඇති බව කියයි.
පුද්ගලයින් 27 දෙනෙකු ආරක්ෂිතව බේරාගැනීමට හැකි වූ බව ආරක්ෂක අංශ පවසා ඇති අතර, ගලවා ගැනීමේ නිලධාරීන් යොදවා ගංගාවේ සිරුරු සොයමින් සිටින බව කියයි.
දිවි ගලවා ගත් අය ඔවුන්ගේ කම්පනය හා ශෝකය ගැන මාධ්‍ය වෙත අදහස් දක්වා ඇති අතර, ඒ අතර සිටි එක් කාන්තාවක් වන මාධවීලතා අනතුරෙන් දිවි ගලවා ගත් නමුත් ඇගේ සැමියා සහ දරුවා අතුරුදන්ව ඇත.
"මගේ දරුවා නොමැතිව මාත් මිය ගියා නම් හොඳයි. මට මගේ සැමියා සහ දරුවා දැන් අහිමි වෙලා."
මෙම කලාපයේ සියලුම බෝට්ටු සේවා වහාම අත්හිටුවන ලෙස ප්‍රාන්තයේ මහ ඇමති ජගන් මොහාන් රෙඩ්ඩි නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
මේ අතර අගමැති නරේන්ද්‍ර මෝදි ට්විටර් පණිවුඩයකින් විපතට පත්වූවන්ට සිය ශෝකය ප්‍රකාශ කර ඇත.