සිරියාවේ වත්මන් ජනාධිපති බෂාර් අල් අසාද් සිව්වැනි වරටත් බලය හිමිවෙතැයි කියා දැනටමත් අනාවැකි පළවී ඇති එරට ජනාධිපතිවරණය සඳහා රට පුරා ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කිරීම මේ වනවිට ඇරඹී තිබේ.
දශකයක පමණ කාලයක් ඇදී ගිය යුද්ධයක් තිබියදීත් සිරියාව සාමාන්‍ය ලෙස ක්‍රියාත්මක වන බව මැතිවරණයෙන් පෙන්නුම් කරන නමුත් විපක්ෂය හා බටහිර ජාතීන් එය සලකන්නේ හුදෙක් අපැහැදිලි අපේක්ෂකයන් දෙදෙනෙකුට එරෙහිව අසාද් තනිව දුවන තරගක් ලෙසිනි.
"අපි ආවේ ජනාධිපති බෂාර් අල් අසාද් තෝරා පත්කර ගැනීමටයි. ඔහු නොමැතිව සිරියාවට සිරියාව කැඳවන්න බැහැ" ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණ සිටි හෙද සිසුවෙකු පැවසීය.
"අපගේ රුධිරය හා ආත්මය සමග අපි ඔබ (අසාද්) වෙනුවෙන් අපගේ ජීවිත පූජා කරනවා" යැයි ඡන්ද මධ්‍යස්ථාන විවෘත කරන විට ජනතාව හඬ නැගීය.
මැතිවරණ දිනයේදී විශාල ඡන්ද ප්‍රතිශතයක් සහතික කිරීම සඳහා බලධාරීන් පසුගිය දින කිහිපය තුළ රට පුරා විශාල පෙළපාලි සංවිධානය කර තිබූ බවද කියයි.
අසාද් ප්‍රථම වරට බලයට පත්වූයේ ඊට පෙර වසර 30ක් පාලනය කළ ඔහුගේ පියා හෆීස්ගේ අභාවයෙන් පසුවය. ඒ අනුව අද සිරියාවේ පවුල් පාලනය වඩාත් බලවත්ම මුල්බැසගෙන ඇති බවට අසාද් හොඳම නිදසුනකි.