මහා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට දින 4ක පමණ කාලයක් තිබියදී බ්‍රිතාන්‍ය අගමැතිනී තේරේසා මේ, ජර්මානු සහ ප්‍රංශ නායකයන් සමග අවසන් මොහොතේ සාකච්ඡා අරඹා තිබේ.
ඒ අනුව, ජර්මනියේ බර්ලින් නුවරදී ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මාර්කෙල් හමුවූ ඇය, අනතුරුව ප්‍රංශ ජනාධිපති එමානුවෙන් මැක්රෝන්ද හමුවීමේ බලාපොරොත්තුවෙන් පසුවෙයි.
එහිදී, එලැඹෙන ජුනි 30දා දක්වා මෙම බ්‍රෙක්සිට් ක්‍රියාදාමය කල්දැමීමට මෙම ප්‍රබල රාජ්‍යයන් දෙකේ නායකයන්ට බල කිරීම ඇගේ මෙම හමුවේ ඒකායන අරමුණ වී ඇත.
මෙම ක්‍රියාවලිය දීර්ඝ කිරීම සඳහා යුරෝපා සංගමයේ සියලුම පර්ශ්වයන්හි සහාය ලබාගැනීම සඳහා තේරේසා මේ විසින් හදිසි සමුළුවක් සඳහාද සහභාගී වනු ඇති බව සඳහන් වෙයි.
එහිදී, මෙම පාර්ශ්වයන් අතර සිදුවන සාකච්ඡා සඳහා චාන්සලර් ෆිලිප් හැමන්ඩ්, පරිසර ලේකම් මයිකල් ගෝව්, ඡායා චාන්සලර් ජෝන් මැක්ඩොනෙල් ආදීන් එක්ව තිබේ.