අයර්ලන්තය විසින් දේශගුණික හා ජෛවවිවිධත්ව හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව, එරට පාර්ලිමේන්තුව තුළ කාලගුණික විපර්යාස වෙනුවෙන් වූ ක්‍රියාමාර්ග සඳහා වන පනත් සංශෝධනය ඡන්ද විමසීමකින් තොරවම සම්මත කර තිබේ.
පසුගිය මැයි මාසයේදී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළද ජාතික කාලගුණික හදිස් තත්ත්වයක් ප්‍රකාශයට පත්කරනු ලැබිණි.
එමෙන්ම, ස්කොට්ලන්තය වර්ෂ 2045 දී හරිතාගාර වායු විමෝචනය දළ වශයෙන් බිංදුව දක්වා අඩු කිරීමට සැලසුම් සකස් කරමින් සිටියි.
ඒ අනුව, මහා බ්‍රිතාන්‍ය ආශ්‍රිතව මේ වනවිට කාලගුණික විපයර්යාසවලට මුහුණදීම සඳහා හදිසි තත්ත්වයන් නිර්මාණය වී ඇත.
එහිදී, මේ වෙනුවෙන් නිවැරදි නිර්වචනයක් ලබා දී නොතිබුණත්, බොහෝ අංශ තුළින් කාබන් ඩයොක්සියිඩ් විමෝචනය 2030 වනවිට සම්පූර්ණයෙන්ම පාහේ දුරලීමට ඔවුන් සූදානම් වෙයි.