කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසයට එරෙහිව චීනය අඛණ්ඩව සිදුකරන සටන මධ්‍යයේ පවතින අභියෝග සමග මේ වසරේ ආර්ථික ඉලක්ක ජය ගන්නා බව චීන ජනපති ෂී ජින්පිං විශ්වාසය පළ කළේය.
එහි බලපෑම තාවකාලික බලපෑමක් පමණක් බවත්, වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් සමාජ හා ආර්ථික අංශයන්හි නිශ්චිත ඉලක්ක සපුරා ගැනීමට හැකි වනු ඇතැයි ඔහු පැවසීය.
චීනයට සහාය පළ කරමින් ප්‍රංශ ජනපති එමානුවෙන් මැක්රෝන් ලබාදුන් දුරකථන ඇමතුමකට පිළිතුරු දෙමින් චීන ජනපතිවරයා මෙම අදහස් පළ කර තිබේ.
එහිදී දැනට වසා දමා ඇති සියලු ව්‍යවසායන් යළි ආරම්භ කරන ලෙස ජනතාවට උපදෙස් ලබාදී ඇති බව පැවසූ චීන ජනාධිපතිවරයා, මෙය වසංගතයට එරෙහි ජනතා යුද්ධයක් වන අතර, මුළු රටම සහයෝගීතාවයෙන් වෛරසයට එරෙහිව සටන් කරන බව අවධාරණය කළේය. මහජන සෞඛ්‍ය ගැටළු සම්බන්ධයෙන් රටේ පෙර අත්දැකීම්ද ඔහු සඳහන් කළේය.
සෑම ආකාරයකම වෛරසය වැළැක්වීමේ පියවර ධනාත්මක ප්‍රතිඵල පෙන්වමින් සිටින අතර, චීනය නිසැකවම සටන ජය ගනු ඇතැයි ජනාධිපති ෂී විශ්වාසය පළ කළේය. එමෙන්ම වෛරසයට එරෙහිව සටන් කිරීමේදී චීන ජනතාව විශාල වගකීම් දරමින් සිටින බව පැවසූ චීන නායකයා, ඒ අතරම, ලොව පුරා ජනතාවගේ සහයෝගය අගය කරන බවද පැවසීය.
මහජන සෞඛ්‍ය ක්ෂේත්රය තුළ ප්‍රංශය සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන අතර, විනිවිදභාවයෙන් යුතුව මෙම පියවර ඉදිරියට ගෙන යාමට ෂී ජින්පිං මෙහිදී පොරොන්දු වී තිබේ.
මෙහිදී මැක්රොන් චීනයේ උත්සාහය බෙහෙවින් අගය කරමින්, චීනයේ ඉහළ විනිවිදභාවය තමා අගය කරන බවත්, ක්‍රියාත්මක කර ඇති ඵලදායී පියවරයන්ගෙන් එය සම්පූර්ණයෙන්ම පෙන්නුම් කරන බවත් පැවසීය. පළමු වටයේ සැපයුම් දැනටමත් යවා ඇති බැවින් ප්‍රංශ නායකයා දිගටම වෛද්‍ය ආධාර ලබාදෙන බවට මෙහිදී අවධාරණය කර තිබේ.