ජපානයේ අධිවේගී දුම්රිය සේවකයන්ට එම දුම්රිය තුළින් ඇති කෙරෙන සුළඟේ වේගය පිළිබඳ හැඟීමක් ලබාදීම සඳහා ආරම්භ කළ පුහුණු සැසියක් වෘත්තීය සමිති විරෝධයක් හේතුවෙන් අවලංගු කර තිබේ.
බටහිර ජපාන දුම්රිය සේවය පවසා තිබුණේ මෙම පුහුණු සැසිය තුළින් ආරක්ෂාව සම්බන්ධ අවබෝධය වැඩිකිරීම ඔවුන්ගෙ වෑයම බවයි.
එහිදී, පුහුණුවන කාර්මිකයන් පැයට කිලෝමීටර් 300 ඉක්මවා යන දුම්රිය පිළිබඳ අවධානයෙන් සිටීම සිදුවන බවද කියයි.
මෙම පුහුණු සැසිය 2016 වසරේ ආරම්භ වූ අතර, එය පුහුණුවන සේවකයන්ගේ ආරක්ෂව සම්බන්ධයෙන් ප්රශ්න ඇති කරන බව වෘත්තීය සමිති කියයි.
මෙම පුහුණුවේදී අධිවේගී දුම්රිය මාර්ග දෙකක් අතර වූ කුඩා කුහරයක ගුලිවී සිටීමට පුහුණුවන සේවකයාට සිදුවන අතර, එම අවස්ථාවේදී පැයට කිලෝමීටර් 300 ඉක්මවා දුම්රිය එම මාර්ගවල ගමන් කිරීම සිදුවෙයි.
මෙය විනාඩි 20ක පමණ කාලයක් පුහුණුවට සහභාගී විය යුතු අතර, එම අවස්ථාවේදී ගල් බොරළු පැමිණ මෙම සේවකයන්ගේ ශරීරයේ වැදීමෙන් ඔවුන්ට තුවාල සිදුවිය හැකි බව පවසමින් වෘත්තීය සමිති චෝදනා කර තිබේ.
අවසානයේදී මෙම සියලු තීරණ සමග මෙම පුහුණුව නවතා දැමීමට ජපාන දුම්රිය බලධාරීහු තීරණය කර ඇත.