ජාත්‍යන්තර අභ්‍යවකාශ ඒජන්සිය වෙත ගගනගාමීන් දෙදෙනෙකු රැගෙන ගිය රුසියානු සෝයූස් රොකට්ටුවේ ඇති වූ දෝෂයක් හේතුවෙන් ඔවුන් ගමන්කළ කැප්සූලය නිරුපද්‍රිතව කසකස්ථානය වෙත පතිත වූ බව රුසියානු මාධ්‍ය පවසයි.
රුසියානු ගගනගාමී ඇලෙක්සි ඔව්චිනි සහ ඇමෙරිකානු ගගනගාමී නික් හේග්ගේ තත්ත්වය බරපතළ නොවන බවද රුසියානු මාධ්‍ය පෙන්වා දෙයි.
ඇමෙරිකානු නාසා අභ්‍යවකාශ ආයතනය පවසා සිටියේ රොකට්ටුවේ බූස්ටරය ආශ්‍රිතව ඇති වූ දෝෂයක් මීට හේතු වූ බවයි.
බැලස්ටික් මිසයිලයක් පහළ බසින ආකාරයෙන් ඔවුන් නිරුපද්‍රිතව පොළව වෙත පැමිණ ඇති බවද නාසා ආයතනය පවසයි.