අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවලට එන්නත් බිලියන 1.3ක් ලබා දීමට යුරෝපා සංගමය පොරොන්දු වී ඇති බව යුරෝපා සංගම් කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් පවසයි.
ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත් මාත්‍රා බිලියනයක් ද, ජොන්සන් ඇන්ඩ් ජොන්සන් වෙතින් මිලියන 200ක්ද, මොඩෙර්නා වෙතින් මිලියන 100ක්ද ලැබෙනු ඇතැයි ඩර් ලේන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි.
අප්‍රිකාවේ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමේ මුලපිරීමක්ද දියත් කර ඇති බව ඇය ප්‍රකාශ කළාය.
"අපගේ අප්‍රිකානු හවුල්කරුවන් සමග එක්ව අපි මහාද්වීපය පුරා කලාපීය කේන්ද්‍රස්ථාන සංවර්ධනය කරනවා. එබැවින් සියලු රටවලට ප්රතිලාභ ලබාගත හැකියි" යනුවෙන් ඇය පැවසුවාය.
යුරෝපීය කොමිසම සහ ඉතාලිය එක්ව සත්කාරකත්වය දරන රෝමයේ සිකුරාදා පැවති ගෝලීය සෞඛ්‍ය සමුළුවේ කොටසක් ලෙස මෙම ප්‍රතිඥාව ප්‍රථම වරට ප්‍රකාශයට පත් කරන ලදී.