ජපානයේ අකිහිතෝ අධිරාජ්‍යයා සිය ඓතිහාසික සමුගැනීම මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළ බව විදෙස් වාර්තා පවසයි.
ටෝකියෝ නුවර රජ මාලියේදී මෙය සිදුව ඇති අතර, වසර 200ක ජපාන ඉතිහාසයේ මේ ආකාරයෙන් සිය අධිරාජ්යත්වය අත්හරින පළමු වැනි අධිරාජ්‍යයා ඔහුය.
සිය සමුගැනීමේ දේශනය පවත්වමින් අකිහිතෝ අධිරාජ්‍යයා ජපානයටත් ලෝකයටත් සාමය හා සෞභාග්‍යය ප්‍රාර්ථනා කර තිබේ.
තමාව අධිරාජ්‍යයා ලෙස පිළිගැනීමත්, ඒ වෙනුවෙන් සහාය දැක්වීමත් ගැන ඔහු ජපාන ජනතාවට කෘතගුණ ප්‍රකාශ කිරීමටද මෙය අවස්ථාවක් කරගෙන ඇත.