සති හතරක් පුරා පවතින ඇමෙරිකානු රජය තාක්ෂණික වශයෙන් අක්‍රීයවීම යථාතත්ත්වයට පත්කිරීම සඳහා ජනපති ට්‍රම්ප් යෝජනා කළ මෙක්සිකානු තාප්පය ඉදිකිරීමේ සැලසුමට අලුත් ප්‍රවේශයක් ලබාදී තිබේ.
ඒ අනුව, මෙම ආරවුල සාමකාමීව විසඳා ගැනීම වෙනුවෙන් ඇමෙරිකාවේ අනවසර සංක්‍රමණිකයන් අතර වූ තරුණ පිරිස් හෙවත් ඩ්රීමර්ස්ලා වෙත එරට තුළ රැඳී සිටීම සඳහා යම් අවස්ථාවක් ලබාදීමට ඔහු කැමැත්ත පළ කර තිබේ.
එනමුදු, ට්‍රම්ප් සිය ව්‍යාපෘතිය සඳහා වූ ඇ.ඩො.බිලියන 5.7ක මුදල් තවදුරටත් ඉල්ලා සිටින බවද විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, ඇමෙරිකානු නායකයාගේ මෙම ඉල්ලීමද ඩිමොක්‍රටික්වරුන් විසින් ඉවත දමනු ඇති බව විශ්වාස කෙරෙයි.
ඇමෙරිකානු රජය තාක්ෂණිකව අඩපණව දීර්ඝ කාලයක් පැවති අවස්ථාව ලෙස මෙය ඉතිහාසගත වන අතර, මෙය ෆෙඩරල් සේවකයන් ලක්ෂ 8ක් වෙත සෘජු බලපෑමක් කර තිබේ.
ඩ්‍රීමර්ස් ලෙස හැඳින්වෙන පිරිස් මීට පෙර ට්‍රම්ප්ගේ නව යෝජනාවක් අනුව යළිත් සිය රටවලට පිටුවහල් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වූ අතර, ඔහුගේ මෙම නව සැලසුම යටතේ එය නිශ්ප්‍රභ කිරීමට ට්‍රම්ප් යෝජනා කර ඇත.