ඇමෙරිකානු ජනපතිවරයා වාර්ෂිකව එරට පාර්ලිමේන්තුවේදී පවත්වනු ලබන යූනියන් දේශනය, රජය තාක්ෂණිකව අක්රියවීම අවසන් වනතුර සිදු නොකරන බව ඩොනල්ඩ් ට්රම්ප් පවසයි.
බදාදා දිනයේදී ඇමෙරිකානු කතානායකවරිය වන නැන්සි පෙලෝසි ජනපතිවරයාට සිය දේශනය පවත්වන ලෙස නිල වශයෙන් ආරාධනා කළද, ට්රම්ප් පවසා සිටියේ රජයේ සියලු සේවා සම්පූර්ණයෙන් යළි විවෘත වනතුරු එය නොපවත්වන බවයි.
පසුගිය දෙසැම්බර් 22දා සිට ඇමෙරිකානු රජය අර්ධ වශයෙන් අක්රීයව පවතින අතර, මේ හේතුවෙන් ෆෙඩරල් සේවකයන් ලක්ෂ 8ක් තවමත් වැටුම් නොලබා සිටිති.
ඇමෙරිකානු - මෙක්සිකෝ දේශසීමාවේ අලුතින් ඉදිවන තාප්පය වෙනුවෙන් ට්රම්ප් ඉල්ලා සිටි ඇ.ඩො.බිලියන 5.7 අනුමත කිරීමට ඩිමොක්රටික්වරු අකැමැති වීම මෙම අර්බුදය ඇතිවීමට හේතු විය.
දේශසීමා අර්බුදයක් හේතුවෙන් ඇමෙරිකානු රජයක් දීර්ඝ කාලයක් අක්රීයව පැවති අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වෙයි.