2016 ඇමෙරිකානු ජනාධිපතිවරණය කෙරෙහි රුසියානුවන් 13 දෙනෙකු හා රුසියානු සමාගම් 3ක් අතපෙවීම සිදුකර ඇති බව හෙළි වෙයි.
2016 ඇමෙරිකානු ජනාධිපතිවරණය කෙරෙහි රුසියානු අතපෙවීම් සිදුවීද යන්න සොයා බැලීමට පත්කළ FBI පරීක්ෂණය සඳහා පත්කළ විශේෂ නීතීඥ රොබට් මුලර් මෙම තොරතුරු අනාවරණය කර තිබේ.
ඉන් තිදෙනෙකු කේබල් තොරතුරු හරහා වංචා සිදුකිරීමත්, තවත් පස් දෙනෙකු බරපතළ අනන්‍යතා වංචාවන් සිදුකර ඇති බවත් මෙම මූලික පරීක්ෂණවලින් හෙළිව ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් චෝදනා ගොනුකළ රුසියානුවන්ගේ නම් හෙළි කිරීමක් සිදුකර නොමැති අතර, ඊට සම්බන්ධ සමාගම් අතර රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නගරය කේන්ද්‍ර කරගත් අන්තර්ජාල සමීක්ෂණ ආයතනයක්ද වන බව කියැවෙයි.
කෙසේ වෙතත්, මෙම රුසියානු අතපෙවීම් සමග ඇමෙරිකානුවන් කිසිවක් ඊට සම්බන්ධ වී ඇති බවට මෙතෙක් තොරතුරු අනාවරණය වීමක් සිදුව නොමැති බවද FBI ආයතනය පවසයි.
FBI ආයතනය සිදුකරන පරීක්ෂණ සම්බන්ධයෙන් ටිව්ටර් පණිවුඩයක් නිකුත් කරන ඇමෙරිකානු ජනපතිවරයා පෙන්වා දෙන්නේ රුසියානුවන් ඇමෙරිකානු විරෝධී ව්‍යාපාරය 2014 වසරේ ඇරඹූවක් බවයි. එය තමන් ජනපතිවරණයට ඉදිරිපත් වන බවට නිල වශයෙන් ප්‍රකාශ කිරීමට බොහෝ කාලයකට පෙර සිදුවූවක් බවද ට්‍රම්ප් පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, රුසියානුවන් යමක් සිදුකළා නම් එය කිසිවිටෙකත් ජනපතිවරණ ප්‍රතිඵලයට බලපෑමක් සිදු නොකළ බව කියන ට්‍රම්ප්, සිය මැතිවරණ ව්‍යාපාරය කිසිදු වරදක් නොකළ බවත්, කිසිදු කුමන්ත්‍රණයකට හෝ වංචාවකට හසු නොවූ බවත් අවධාරණය කරයි.