MH370 බවට සැක චීන චන්ද්‍රිකා ඡායාරූප පෙළක්
අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානයේ සුන්බුන් විය හැකි බවට සැක කෙරෙන නවතම චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක් පිළිබඳව චීනය නිරීක්ෂණය කරමින් සිටින බව මැලේසියානු බලධාරීහු අද පවසා සිටියේය.
මැලේසියාවේ වැඩබලන ප්‍රවාහන අමාත්‍යවරයා පවසා සිටියේ මාර්තු 18 වැනි දින දරණ මෙම නවතම චන්ද්‍රිකා ඡායාරූපවලට අනුව දකුණුදිග ඉන්දීය සාගරයේ පාවෙමින් තිබූ මීටර් 22ක් දිග මීටර් 13ක් පළල යමක් දක්නට ලැබෙන බවයි.
එය ඔස්ට්‍රේලියානු චන්ද්‍රිකා ඡායාරූපවල සුන්බුන් බවට සැකකෙරෙන කොටස් දැක්වුණු ස්ථානයට කිලෝමීටර් 120ක් පමණ දුරින් තිබී ඇති බවද පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, පුද්ගලයන් 239 දෙනෙකු රැගෙන පසුගිය 08 වැනිදා අතුරුදන් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 යානය අතුරුදන්ව තෙවැනි සතියත් ඇරඹී ඇත.
මීට දින තුනකට පෙර ජාත්‍යන්තර සෝදිසි මෙහෙයුම් කණ්ඩායම් ඉන්දියානු සාගරයේ දකුණුදිග කලාපය වෙත සිය නිරීක්ෂණයන් යොමු කළේ ඔස්ට්‍රේලියාව විසින් නිකුත් කළ යානයේ සුන්බුන් විය හැකියැයි විශ්වාස කළ හැකි චන්ද්‍රිකා ඡායාරූප කිහිපය ඔස්සේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

