අතුරුදන් වූ MH370 මැලේසියානු ගුවන් යානයේ යැයි විශ්වාස කෙරෙන සුන්බුන් කොටස් කිහිපයක් මැඩගස්කරය ආශ්රිතව සොයාගෙන තිබේ.
අතුරුදන් යානයේ කොටස් සෙවීමේ යෙදෙන බ්ලේයින් ගිබ්සන් විසින් මෙම කොටස් සොයාගෙන ඇති අතර, ඔහු මීට පෙර මොසැම්බික් ආශ්රිතවද යානයේ බවට සැකකෙරෙන කොටස් කිහිපයක් සොයාගත්තේය.
මැඩගස්කරයෙන් සොයාගත් කොටස් අතර, යානයේ ආසනයක කොටසක්ද ඇති අතර, මේවා අතුරුදන් වූ මැලේසියානු යානයේම දැයි සොයා බැලීම සඳහා යොමුකර තිබේ.
2014 මාර්තු මාසයේදී මැලේසියාවේ ක්වාලලම්පූර් නුවර සිට චීනයේ බීජිං බලා පියාසර කරමින් තිබියදී පුද්ගලයන් 239 දෙනෙකු සමග යානය අතුරුදන් වූ අතර, මෙම යානය සොයා ලෝකයේ එදාමෙදා තුර සිදුකළ දැවැන්තම සෝදිසි මෙහෙයුම සිදුකළත් යානය හමු නොවීය.