MH17 මැලේසියානු ගුවන් යානයේ සුන්බුන් නැගෙනහිර යුක්රේනයේ කැරලිකරුවන් සිටින ප්රදේශයෙන් ඉවත් කරගෙන ඇති බව වාර්තා වෙයි.
නෙදර්ලන්ත විශේෂඥයන්ගේ මැදිහත්වීමෙන් දුම්රිය හරහා එම සුන්බුන් ඉවත්කිරීම සිදුකෙරිණි.
ඒ අනුව, මෙහිදී එකතු කරගනු ලැබූ සුන්බුන් හා හඳුනා නොගත් මිනිස් අවයව රැසක් වැඩිදුර පරීක්ෂණ සඳහා නෙදර්ලන්තයට ගෙන යෑමට නියමිතව තිබේ.
MH17 ගුවන් යානය පසුගිය ජූලි මාසයේදී මිසයිල ප්රහාරයකට ලක්ව විනාශ වූයේ එහි ගමන්ගත් පුද්ගලයන් 298 දෙනෙකුද සමගිනි.
මෙම ප්රහාරය සම්බන්ධයෙන් නැගෙනහිර යුක්රේනයේ රුසියානු හිතවාදී කැරලිකරුවන්ට ඇඟිල්ල දිගු වූ අතර, ඔවුන් යුක්රේන හමුදාව වෙත චෝදනා කළේය.