MH17 යානයේ සුන්බුන් එකතු කිරීම අරඹයි
නැගෙනහිර යුක්රේනයට ඉහළ අහසේදී විනාශ වී ගිය මැලේසියානු MH17 යානයේ සුන්බුන් එකතු කිරීම ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.
මෙම ප්රදේශය රුසියානු හිතවාදී කැරලිකරුවන්ගේ ග්රහණයේ පතින බැවින් යානය විනාශ වී මාස කිහිපයක් ගත වුවත්, එහි සුන්බුන් එකතු කිරීම පමා වූ බව එම කටයුතු භාර නෙදර්ලන්තය පවසයි.
නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට මැලේසියාවේ ක්වාලලම්පූර් දක්වා පියාසර කළ යානය පසුගිය ජූලි මාසයේදී මිසයිල ප්රහාරයකට ලක්ව විනාශ වූයේ යානයේ ගමන් කළ පුද්ගලයන් 298 දෙනෙකුද සමගිනි.
කෙසේ වෙතත් යානයට ප්රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව වෙත ඇඟිල්ල දිගු වුවත් අවසානයේදී එය භාරගත්තෙකු හෝ ඒ පිළිබඳ නිවැරදි හෝඩුවාවක් සපයා ගැනීම උගහට විය.
නෙදර්ලන්ත ජාතිකයන් වැඩි පිරිසකට මරු කැඳවූ මෙම ගුවන් අනතුරින් පසුව එහි සුන්බුන් එකතු කිරීමේ කාර්යයද ඔවුන් භාරගත් අතර, මේ වනවිට අදාළ සුන්බුන් ලොරිවලට පටවමින් ඒවා පරීක්ෂණ සඳහා නෙදර්ලන්තය වෙත රැගෙන යාමට ඔවුන් කටයුතු කරමින් සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

