නැගෙනහිර යුක්රේනයේදී අනතුරට පත් MH17 යානයේ දෙවැනි කළු පෙට්ටිය විශේෂ පරීක්ෂණයකට භාජනය කිරීම බ්‍රිතාන්‍ය විශේෂඥයන් කණ්ඩායමක් විසින් සිදුකරනු ලබන බව වාර්තා වෙයි.
ගුවන් අනතුරු පරීක්ෂණ අංශය (AAIB) විසින් එහි දත්ත ඩවුන්ලෝඩ් කරමින් මෙම පරීක්ෂණ අරඹා තිබේ.
මේ අතර, අනතුරින් ජීවිතක්ෂයට පත් පුද්ගලයන් 298 දෙනාගේ සිරුරු රැගත් තවත් යානා දෙකක් නෙදර්ලන්තය වෙත පැමිණීමට නියමිත බවද වාර්තා වෙයි.
නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් දක්වා ගමන් කරමින් තිබූ මෙම යානයේ ගමන්ගත් පිරිසෙන් වැඩි දෙනා නෙදර්ලන්ත ජාතිකයන් වෙයි.