MH17 අනතුරු කලාපයට ඇතුළු වීමට නෙදර්ලන්තය හා ඔස්ට්‍රේලියාව සැරසේ
යුක්රේනයේදී සිදුවූ MH17 ගුවන් යානා අනතුරින් මියගිය අයගේ මළ සිරුරු රැගත් ගුවන් යානා රැසක් පිටත් වීමෙන් පසු අනතුර සිදුවූ කලාපය වෙත ඇතුළු වීම සඳහා ඔස්ට්‍රේලියාව හා නෙදර්ලන්තය සැරසෙයි.
දෙරටේ විදේශ අමාත්‍යවරු දෙදෙනාම මෙම මළ සිරුරු රැගත් ගුවන් යානා යුක්රේනයේ ඛාර්කිව් නගරයෙන් පිටත්වීමේ අවස්ථාවට සහභාගි වූහ.
එහිදී, කියෙව් හි යුක්රේන නිලධාරීන් සමග සාකච්ඡා කරන ඔවුන් දැනට රුසියානු හිතවාදීන් විසින් පාලනය කරන එම ප්‍රදේශය වෙත පොලිස් ආරක්ෂාව සැපයීමේ අවශ්‍යතාව පෙන්වාදෙමින් මෙම ඇතුළු වීම කිරීමට සැරසෙයි.
මෙම ගුවන් යානය බිම හෙළීම සම්බන්ධයෙන් රුසියානු හිතවාදී කැරලිකරුවන් චෝදනා ලබා ඇති වටපිටාවක මේ සාකච්ඡා සිදුවෙයි.
පුද්ගලයන් 298 දෙනෙකු රැගෙන නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් වෙත ගමන් කරමින් සිටියදී මිසයිල ප්‍රහාරයකට ලක්වූවා යැයි සැක කෙරෙන යානයේ නෙදර්ලන්ත ජාතිකයන් 193ක්, මැලේසියානුවන් 43ක් සහ ඔස්ට්‍රේලියානුවන් 27ක් ඇතුළු සියලු දෙනා ජීවිතක්ෂයට පත්වූහ.
එහිදී සොයාගත් මළ සිරුරු 200ක් ඛාර්කිව් වෙත දුම්රිය මගින් එවීමෙන් පසු ගුවනින් ඒවා නෙදර්ලන්තය බලාත්, පසුව අදාළ රටවල් වෙතත් ලබාදුනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

