මගී ගුවන් යානා නිෂ්පාදනයේ පෙරළියක් සිදුකරමින් රුසියාව MC-21 නමින් සිය ප්රථම මගී ගුවන් යානය නිල වශයෙන් එළිදැක්වීම සිදුකර තිබේ.
මේ වනවිටත් ලෝකයේ ප්රමුඛ මගී ගුවන් යානා සමාගම් දෙක වන ඇමෙරිකාවේ බෝයිං සමාගමටත්, යුරෝපයේ එයාර්බස් සමාගමටත් දැඩි අභියෝගයක් එල්ල කරනු ඇති බව පැවසෙන මෙම යානය ආසන්න වශයෙන් ඇ.ඩො.බිලියන 3.5ක් පමණ වනු ඇති බව පැවසෙයි.
ඉර්කුට් කෝපරේෂන් සමාගමට අනුබද්ධිත, රුසියාවේ යුනයිටඩ් එයාක්රාෆ්ට් කෝපරේෂන් සමාගම මෙම යානා එළිදැක්වීම සිදුකළ අතර, මේවායේ නිෂ්පාදනය 2017 වසරේ සිට සිදුකිරීමට නියමිත බවද පවසයි.
ද්විත්ව එන්ජිමක් සහිත MC-21 ගුවන් යානය මුලික සංස්කරණ තුනක් යටතේ ඉදිරිපත් කර ඇති අතර, එහිදී මගී ආසන 150 සිට 211 දක්වාවාත්, පියාසර ධාරිතාව කිලෝ මීටර් 5,500 සිට 6,000 දක්වා ලෙසත් ඉදිරිපත් කර තිබේ.