ISIS සටනට ඔස්ට්‍රේලියානු සෙබළු හා ප්‍රහාරක යානා
ISIS සුන්නි ඉස්ලාමීය අන්තවාදීන්ට එරෙහිව අමෙරිකාව ප්රමුඛව දියත් කරන මෙහෙයුම වෙනුවෙන් ඔස්ට්‍රේලියාවද සහාය ලබාදෙමින් තම සෙබළු 600ක් ලබාදීමට තීරණය කර ඇති බව අගමැති ටෝනි ඇබ්බොට් පවසයි.
එමෙන්ම, මෙම ප්රහාරයන්ට ලබාදෙන සහාය අතර සුපර් හෝර්නට් වර්ගයේ ජෙට් යානා 8ක්ද ඇතුළත් බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය පවසයි.
ඒ අනුව, මේ වනවිට අරාබි රාජ්‍යයන් 10ක් සමග රාජ්‍යයන් 40ක් පමණ ISIS සුන්නි ඉස්ලාමීය අන්තවාදයට එරෙහි සටනට අත්සන් කරමින්, ජිහාඩ් අන්තවාදීන් මිහිතලයෙන් අතුගා දැමීමට සැරසෙයි.
මෙහිදී, ඔස්ට්‍රේලියානු අගමැතිවරයා තම රටේ සහාය දක්වමින් පවසා ඇත්තේ මෙය ඇමෙරිකානු- ඔස්ට්‍රේලියානු මෙහෙයුමක් නොවන බවත් මෙය ජාත්‍යන්තර සන්ධානයක් බවත්ය.
මේ අතර ඔස්ට්‍රේලියාව සිය රට තුළ ත්‍රස්තවාදී අවදානම මැදි මට්ටමේ සිට ඉහළ මට්ටම දක්වා ඉහළ නංවා ඇති බවද වාර්තා වෙයි.
එමෙන්ම, ප්රංශයද කලාපීය ආරක්ෂක සමුළුවක් හෙට පැවැත්වීමට සූදානමින් සිටියි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
