IS ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන් තවදුරටත් නගරයෙන් ඈතට තල්ලු කරමින් ඉරාක හමුදා රමාදි නගරය තුළට තවදුරටත් ඇතුල් වෙමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.
ඉරාක ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකුට අනුව මරාගෙන මැරෙන බෝම්බ, බිම් බෝම්බ හා මර උගුල් ඔවුන්ගේ ගමන අඩාල කර තිබේ.
විදෙස් වාර්තාවන්ට අනුව රජයේ හමුදා හා සුන්නි සටන්කාමී හමුදා එක්ව සිදුකරන මෙම ප්‍රහාරයේදී, නගරයේ වූ රජයේ ප්‍රධාන ගොඩනැගිල්ල අත්පත් කරගැනීමට ඔවුන්ට තවත් ඇත්තේ මීටර් 500කටත් වඩා අඩු දුරක් බවද කියැවෙයි.
මීට දින හයකට පෙර ආරම්භ කළ රමාදි යළි අත්පත් කරගැනීමේ ප්‍රහාරයේදී ඔවුන් එම ප්‍රධාන නගරයේ වූ දිස්ත්‍රික්ක කිහිපයකම බලය සියතට ගෙන තිබේ.
බැග්ඩෑඩයට බටහිරින් පිහිටි සුන්නි අරාබි ජාතිකයන් බහුල වශයෙන් ජීවත් වන මෙම නගරය පසුගිය මැයි මාසයේදී ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ගේ අතට පත්විය.
මෙම නගරයේ බලය ගිලිහී යාම ඉරාක හමුදා ලැබූ දැඩි පරාජයක් ලෙස සලකුණු අතර, එය හමුදාවේ චිත්ත ධෛර්යයද අඩාල කර වූවක් බව කියැවෙයි.