ISIS සුන්නි ඉස්ලාමීය අන්තවාදීන්ගෙන් බේරීම සඳහා කඳුකරයේ සැඟවී සිටින එරට සුළුතර ජනකොටස් වෙත ගුවනින් ආහාර හෙලීමේ දෙවැනි මෙහෙයුමද සිදුකළ බව ඇමෙරිකාව කියයි.
අද දිනයේදීද ISIS ඉස්ලාමීය අන්තවාදීන් ඉලක්ක කර ඇමෙරිකානු ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් පසු සාමාන්‍ය වැසියන් වෙත මෙම ආහාර ගුවනින් හෙලීම සිදුකළ බව පෙන්ටගනය කියයි.
මෙම ත්රස්තයන් මෑතකදී එරට උතුරුදිග කලාපයේ වැඩි බලයක් තහවුරු කරගනිමින් කුර්දිෂ් නගරයක් වූ ඉර්බිල් හිද බලය අල්ලාගැනීමේ අරමුණින් සටන් වැදුණි.
ත්රස්තයන් වෙත ගුවනින් ප්‍රහාර එල්ල කරන අතරතුර අමෙරිකාව ඉරාක රජයට බලකරමින් සිටින්නේ එක්සත් රජයක් පිහිටුවමින් ජිහාඩ් සටන්කාමීන් සමග සාකච්ඡාවට පසුබිම සකස් කරගන්නා ලෙසයි.
මේ අතර, බ්‍රිතාන්‍යයද මෙම මානුෂීය මෙහෙයුම වෙනුවෙන් ආහාර සහනාධාරයක් ලබාදී තිබේ.